සීතා
පුලුවන් නම්
පනින්න කියපන්
රාමාට
දර සෑයට
උඹ
නැති දුක
නිවපු ගෑනු
ගණන් කරන්න
ජූරියක්
පත්කරන්න වෙයි
උඹට

නිරෝෂනී පීරිස් Image may contain: one or more people



Image may contain: plant, tree and outdoor






කම්පිත
එක හීනෙක
මදු සමයක්
අත හැරෙනා
හාදුවක් එක සීරුවෙන්
නොදෙන්නට මග හැරෙනා
වලාකුළු
රතු පාටින් නිල් අහසේ
දිය කරනා
සුදු සේලෙක මඩ පාටින්
හෙවනැල්ලක් ලුහුබදිනා
ගවු ගානක
එක යායක
කලු කපුටන්
මුර කරනා
සුදු සේලෙක නැති සායම
හරි රස්නෙට මිල කරනා
නිරෝෂනී පීරිස්